BBC, IKEA ඇතුළු ප්‍රමුඛ වෙබ් අඩවි ආසන්න වශයෙන් 200ක් සයිබර් ප්‍රහාරයකට ලක්
BBC, HSBC UAE, එයාර් ප්‍රාන්ස් සහ IKEA ඇතුළු ප්‍රමුඛ වෙබ් අඩවි ආසන්න වශයෙන් 200ක් අනිෂ්ට සයිබර් ප්‍රහාරයකට ඉලක්ක වී ඇති බව විශේෂ මාධ්‍ය වාර්තා කරයි. මූල්‍ය තොරතුරු සොරකම් කිරීම සහ Apple උපාංග ආසාදනය කිරීම මෙහි අරමුණ වූ බව වාර්තා වේ.
Optimizely මෙවලම් හරහා දුෂිත ජාවාස්ක්‍රිප්ට් කේත ඇතුළත් කර ඇති අතර, මේ හරහා වෙබ් අඩවි 178ක් ඉලක්ක කළ බව සයිබර් නිව්ස් වාර්තා කළේය.
ආරක්ෂක පර්යේෂක ස්කොට් හෙල්ම් මෙම උල්ලංඝනය පළමුව හෙළි කළ අතර, බොහෝ අනිෂ්ට කේත ඉවත් කර ඇති බව ඔහු පවසයි. බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් සෘජුව සම්බන්ධ කර ගෙන ඇති බව Optimizely ප්‍රකාශ කළේය.
මූලාශ්‍රය
Ada Derana
Ada Derana වාර්තාව ඇසුරින් Colombo Today විසින් සකස් කළ සාරාංශයකි.
- #cyberattack
- #optimizely
- #bbc
- #ikea
- #hacking